අජිත් ෆ්.පෙරේරා මැතිතුමා විසින් 2007 දී මෙම පදනම පිහිට වන ලද්දේ ප්‍රතිපාදන හෝ වකුගඩුවක් බද්ද කිරීමට පරිත්‍යාගශීලී ඥාතියෙක් නොමැතිව මිය යන රෝගීන් ට පිහිට වීමටය. සෑම 10 යෙන් 8 දෙනෙක් වකුගඩුවක් නොමැතිව මිය ගියේය.
පිවිසෙන්න"ජීවිතයක් බේරා ගැනීමේදී ලැබෙන තෘප්තියට වඩා ලොකු තෘප්තියක් මට අත්විඳිය නොහැක.
මෙතෙක් ජීවිත 12ක් රැක ගැනීමට හැකි වීම ගැන මට ඇත්තේ ඉමහත් ආඩම්බරයකි."
වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී
3500
කට අධික රෝගීන් සංඛ්‍යාවක් කාලික වකුගඩු අකරණය නොහොත් වකුගඩු රෝගයේ අවසන් අදියරයේ පෙලෙයි
ලාංකික ජනගහනයෙන්
10% ක් පමණ වකුගඩු රෝගයෙන් පෙළෙයි
වර්තමානයේ වසරකට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම
30 කට අධික ප්‍රමාණයක් සිදු කෙරෙයි
ජීවත්ව සිටියදී වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන සෑම පුද්ගලයෙකුම වෛද්‍ය පරීක්ෂණ රැසකට යොමු කරයි. මෙයින් රෝගියා සහ දන් දෙන්නා ගැලපේ දැයි සංසන්දනය කෙරෙන අතර දන් දෙන්නා ද 100% ක් නිරෝගි දැයි පරික්ෂා කරන්නේ එක් ජීවිත්යක් රැක ගැනීමට තවත් ජීවිතයක් අනතුරකට භාජනය කිරීම අපේ අරමුණ නොවන නිසයි. බද්ධ කිරීම සිදුවන්නේ ඉන් පසුවයි
ඔබව දන් දෙන්නන් ලියාපදින්චි කිරීමේ පෝරමය වෙත යොමු වනු ඇත
අනතුරකට භාජනය වූ රෝගියෙකු කෘතිම ආශ්වාස ප්‍රාශ්වාස කරන යන්ත්‍රයකට සම්බන්ධ කර තිබියදී මොළය මියගියහොත් ඔහුගෙ හෘදය, වකුගඩු දෙක,අක්මාව, අග්න්‍යාශය, පෙනහළු, සහ බඩවැල් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙයි.
ස්වභාවික මරණයකදී අපට ලබා ගත හැකි වන්නේ ඇස්, අස්ථි සහ පටක යනාදිය පමණය. එහෙත් එම මරණයෙන් අපට ජීවිත 8ක් බේරාගැනීමට හැකිවන අතර රෝගීන් 50 දෙනෙකුට නීරෝගී සුවය ලබාදීමට හැක.
දැනට මියගිය පසු දන් දීමට කැමති පුද්ගලයන් යොමු වන්නේ අක්ෂි දාන සංගමයේ පටක බැංකුවටයි
අප පදනමේ වැඩසටහන් සම්බන්ධව පුවත් පත්වල මෙතෙක් පලවුනු ලිපි
View all සියලු මාධ්‍ය View all